ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ෂීක්වරුන්ගේ යාඥා මෙහෙයකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත.
අයි.එස්. ත්‍රස්තයන් වැඩි දුරටත් පවසා ඇත්තේ ඉන්දීය පාලක පක්ෂයව වන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකු පසුගිය දා මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඊට විරෝධය පළ කිරීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
ප්‍රහාරයෙන් ෂීක් බැතිමතුන් දෙදෙනකු මියගිය බවත්, සිවු දෙනකු තුවාල ලැබූ බවත් ඇෆ්ගන් තලේබාන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.
(රොයිටර්)