කැනඩා අගමැති ටෘඩෝට විපක්ෂයෙන් අභියෝගයක්


මහා මැතිවරණයට සූදානම් වන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ඔහුගේ 'ලිබරල්' පක්ෂයට, ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන 'කොන්සවර්ටිව්' පක්ෂයෙන් අභියෝගයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

'කොන්සවර්ටිව්' පක්ෂයට නායකත්වය දෙන්නේ එරින් ඕ ටූල් ය. සිදු කළ ජනමත සමීක්ෂණවලට අනුව, ටෲඩෝ ට වඩා එරින් ඕ ටූල් ගේ ජනප්‍රියත්වය ඉහළ යමින් ඇත. අවසන් වරට සිදු කළ ජනමත සමීක්ෂණයේ දී සියයට 33.3 ක් එරින් ඕ ටූල් අග්‍රාමාත්‍යවරයා වනු දැකීමට කැමැත්ත පළ කර තිබේ. ටෲඩෝ ට කැමැත්ත පළ කර ඇත්තේ සියයට 30.8 ක් පමණි.

ටෲඩෝගේ වත්මන් රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැත. පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගැනීමේ අරමුණින්, හදිසියේ මහ මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය ටෲඩෝ තීරණය කළේ පසුගිය අගෝස්තු 15 වැනිදාවය.

ඒ අනුව, කැනඩා මහ මැතිවරණය ලබන සැප්තැම්බර් 20 වැනිදා පැවැත් වෙනු ඇත. මේ වනවිට 'කොව්ඩ් 19' වසංගතයට එරෙහිව සාර්ථක ලෙස එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. එය ටෲඩෝ ට වාසියක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)