කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ලිබරල් පක්ෂ නායකත්වයන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව එරට ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂයේ නායකයා ටෲඩෝය.
දිනෙන් දින පක්ෂ අභ්‍යන්තරයේත්, ජනතාවගේත් අප්‍රසාදයට පත් පත් වන ටෲඩෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ කවදාදැයි මෙතෙක් නිවේදනය කර නැත.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේ දී තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ටෲඩෝ නිවේදනය කරවු ඇතැයි ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ වෙබ් අඩවිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පක්ෂයට නව නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කර ගන්නා තුරු ටෲඩෝ පක්ෂ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. ටෲඩෝ ලිබරල් පක්ෂ නායකයා බවට පත් වූයේ 2013 වසරේදීය.
(The Global and Mail)