ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ගේ 'මාර් ආ ලාගෝ' නිවාඩු නිකේතනයට පැමිණ සිටී.
කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ හදිසියේ ට්‍රම්ප් හමුවීමට පැමිණියේ ට්‍රම්ප් කළ ප්‍රකාශයක් හේතුවෙනි. ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ කැනඩා භාන්ඩ සඳහා සියයට 15 ක තීරු බදු අය කර ගැනීමට තම නව රජය කටයුතු කරනු ඇති බවය.
ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය. කැනඩාවෙන් පමණක් නොව මෙක්සිකෝවෙන් ද ඇමෙරිකාවට ආනයනය සිදුවන සියලු භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීමට වහා පියවර ගන්නා බවය. කැනඩාවත් මෙක්ස්කෝවත් ඇමෙරිකාවේ අසල්වැසියන්ය.