කැනඩා ෆෙඩරල් මැතිවරණවලට චීනයේ මැදිහත්වීමක් සිදුවුණැයි චෝදනා එල්ල තිබේ. එම චෝදනා සම්බන්ධයෙන්, ස්වාධීන විමර්ශනයක් ආරම්භ කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
චෝදනා එල්ල වී ඇත්තේ 2019 සහ 2021 වසරවල පැවැති ෆෙඩරල් මැතිවරණවලට චීනයේ මැදිහත් වීමක් සිදුවුණු බවය.
මේ සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ කිසිදු රටක මැතිවරණයකට මැදිහත් වීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියාය. එල්ල වන එම චෝදනා පදනම් විරහිත යැයි ද චීන රජය නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි.
2019 සහ 2021 ෆෙඩරල් මැතිවරණවලට චීනයේ මැදිහත්වීමක් සිදුවූයේ යැයි චෝදනා නැගුවේ කැනඩා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ‘කැනඩාවේ ස්වෛරීත්වයට කිසිදු තර්ජනයක් එල්ල වෙන්න දෙන්න බෑ. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් පවත්වන්න ඕනෑ. ඒ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා’ යැයි ඔටෝවා අගනුවර පාර්ලිමේන්තුව අසලදී කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය අමතමින් පැහැදිලි කළේය.
(රොයිටර්)