කැනඩා රජයේ ‘කොවිඩ් 19’ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළ කරන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි.
කැනඩාවේ ඔටාවා අගනුවර මේ වනවිට විරෝධතා පැවැත්වෙයි. ඒ, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා රජය ගත් තීරණයට එරෙහිවය. විරෝධතා ආරම්භ වූයේ ඇමෙරිකාවේ සිට කැනඩාව තෙක් භාණ්ඩ ප්‍රවාහනයේ නියැලෙන ට්‍රක් රථ රියැදුරු සංගම් එක් වෙමිනි.
ඔටාවා අගනුවර දෛනික කටයුතුවලට බාධා වන ආකාරයට, ට්‍රක් රථ රියැදුරන් දින 18 කට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවල නියැලෙමින් සිටින අතර, ඔවුන් විසුරුවා හැරීමට අග්‍රාමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ඒ අනුව, විරෝධතාකරුවන්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය.
(රොයිටර්)