කැරිබියානු දූපතේ සියලුම වඳුරන් මරා දැමෙනවා


සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට හේතුව. මෙම ‘වර්වෙට්’ වඳුරන් දූපත් වැසියන්ට හිසරදයක් වීම සහ වගා හානි සිදු කිරීමය. සින්ට් මාර්ටෙන් රජය. වඳුරන් මරා දැමීම සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහාය ඇතිවය.

මරා දැමීමට පෙර, වඳුරන් 450 ක් අල්ලා උන් වෙනත් දූපතකට රැගෙන යෑමට ද නියමිතය. වඳුරන් 450 දෙනා අල්ලා ගැනීම වසර 3 ක කාලයක් තිස්සේ සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

‘වර්වෙට්’ කැරිබයානු දූපත්වලට ආවේණික සත්ව විශේෂයක් නොවෙයි. වඳුරන් කැරිබියානු දූපත්වලට පැමිණීම සිදුවූයේ 17 වැනි සියවසේ පැමිණි සංචාරකයන්ගෙනි. ඒ, දකුණු සහ නැගෙනහිර අප්‍රිකාවෙනි.

(එන්.ඩී.ටීවී)