කැලිෆෝනියා ගුරුවරුන්ට එන්නත අනිවාර්යයි


ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් පවසයි. ඒ අනුව, ඇමෙරිකාවේ ප්‍රාන්තයක ගුරුවරුන් සඳහා එන්නත් අනිවාර්ය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

'කොවිඩ් 19 නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වෙන්න දෙන්න බැහැ. වයිරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට ද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. ඒ නිසා ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකායන් එන්නත ලබා ගැනීම අනිවාර්යයි. නැතිනම් දිනපතා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු වෙන්න සිදුවේවි.' යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)