කැස්ස පැණියෙන් දරුවන් මියයෑම බරපතල තත්ත්වයක්


සෙම්ප්‍රතිශ්‍යා කැස්ස සමනය කිරීමට, ලබා දුන් සිරප් වර්ගවලින් අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියයෑමේ සිද්ධිය බරපතල තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාතන් පවසා තිබේ.

මෙම සිරප් වර්ග නිපදවා ඇත්තේ ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාතන් ඉන්දීය කාන්තාවකි.

සිරප් වර්ග භාවිතයට ගැනීමෙන් පසු ගැම්බියාවේ දරුවන් මියයෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානට යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පැවැත්වෙයි.

(එන්.ඩී.ටීවී.)