කියුබා වැසියෝ වීදි බසිති


 

ඇමෙරිකන් සම්බාධක හමුවේ, කොරෝනා වසංගතයට මුහුණ දෙන කියුබානු වැසියන් එරට කොමියුනිස්ට් පාලනයට එරෙහිව විරෝධතා ආරම්භ වී ඇත.

කියුබානු වැසියන් වීදි බැස විරෝධතා ආරම්භ වූයේ රට දිනෙන් දින ආර්ථික අර්බුදයකට ලක් වීමත්, ආහාර සහ ඖෂධ හිඟවීමට පටන් ගැනීමත් සමඟය. හවානා අගනුවරින් ඇරැඹි විරෝධතා කියුබාවේ සෑම ප්‍රධාන නගරයකටම පැතිර ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර, පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතරේ ගැටුම් ද හටගත්තේය. සමාජ ක්‍රියාකාරීහු බොහෝ දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධතා සඳහා දහස් ගණනක් එක්වූ බව පැවැසෙයි.

කියුබාවේ මේ අයුරින් විරෝධතා පැවැත්වෙන්නේ වසර ගණනාවකට පසුවය. විරෝධතාකරුවන් බල කරන්න වූයේ ජනාධිපති මිගුවෙල් දියේස් කැනල්ට ධුරයෙන් ඉවත් වන ලෙසය.

හවානාහිදීය (රොයිටර්)