කිරි විෂ වෙලා දරුවෝ මැරිලා


පාකිස්තානයේ විෂ කිරි පානය කිරීමෙන් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි. මරණ වාර්තා වන්නේ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයෙනි.

තවත් දරුවන් තිදෙනකු ද කිරි පානය කර ඇති බවත්, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි. මියගියේත් රෝගී වූයේත් එකම පවුලේ දරුවන්ය.

මියගියේ මාස 7 ක් වයසැති බිලිඳකු සහ 3 හැවිරිදි පිරිමි දරුවෙකි.