නේපාලයේ පුද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් අද(29) අතුරුදහන් වී ඇතැයි එරට බලධාරීහු නිවේදනය කළහ.
ගුවන් යානය අතුරුදහන් වන අවස්ථාවේ ඉන්දීය ජාතිකයන් හතර දෙනෙක් සමග මගීන් 22 දෙනෙක් යානයේ සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානය නේපාලයේ පොඛාර නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට ඇත.
අද (29) උදෑසන 10.15 ට පමණ පොඛාර නගරයෙන් ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කර ඇති අතර විනාඩි 15 කට පමණ පසු ගුවන් තොටුපොල පාලක මැදිරිය සමග සම්බන්ධය විසන්ධි වූ බව බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉන්දියානුවන් හතර දෙනාට අමතරව නේපාල ජාතිකයන් 13 ක් ,ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු,කාර්ය මණඩල සාමාජිකයන් තිදෙනෙකු ගුවන් යානයේ සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)