කෙන්යා ජනාධිපති විලියම් රූටෝට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් එරට නයිරෝබි අගනුවර විරෝධතා පැවැත්වෙයි.
පසුගිය දින කීපයේ කෙන්යා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය හඳුන්වා දීමට උත්සාහ කළ නව මූල්‍ය ප්‍රතිසංස්කරණවලට දැඩි ජනතා විරා්ධයක් එල්ල විය. එම නව මූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා බදු වැඩි කිරීමට ජනාධිපති රූටෝ උත්සාහ ගත්තේය.
කෙසේ නමුත් ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන්, බදු ඉහළ නැංවීමේ පනත් කෙටුම්පත හකුලා ගැනීමට කෙන්යා ජනාධිපති විලියම් රූටෝ සිදුවිය. එසේ වූයේ විරෝධතාකරුවන් මර්දනය කිරීමට රූටෝ දැඩි පිළිවෙතක් අනුගමනය කළ නිසාය. පොලිසිය යොදවා විරෝධතාකරුවන් මෙල්ල කරද්දී, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවෝ කීප දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එසේ වුවත්, රූටෝ ට එල්ල වන විරෝධතා තවමත් අවසන් වී නොමැති අතර, විරෝධතාකරුවන් සහ විපක්ෂ ක්‍රියාකාරීන්හු ඔහුට වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කර සිටිති.
(ඒ.එෆ්.පී.)