කෙන්යාවේ ජනපතිවරණය: විලියර් රුටෝ ජය හිමිකර ගනී


කෙන්යා ජනාධිපතිවරණය ජය ගැනීමට, විලියම් රුටෝ සමත් වූ බව  එරට ස්වාධීන මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

ඒ අනුව කෙන්යාවේ පස්වැනි ජනාධිපතිවරයා වන්නේ රුටෝ ය. 2013 වසරේ සිට රුටෝ, කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති ධුරය හෙබවීය. කෙන්යාවේ ජනාපධිතිවරණය පැවැත්වූයේ පසුගිය 9 වැනිදාය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර රුටෝට අභියෝගයක් එල්ල කළේ රයිලා ඔඩිනාගාය. රුටෝ සියයට 50.49 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර අතර, ඔඩිනාගා හිමිකර ගත්තේ සියයට 48.85 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාපධිති ධුරයේ සිටි උහුරු කෙන්යාටාගේ ධුර කාලය, කෙන්යාවේ ව්‍යවස්ථාවට අනුව අවසන් වූ බැවිනි. ජනාධිපතිවරණයේ දී උහුරු කෙන්යාටාගේ සහාය හිමිවූයේ රයිලා ඔඩිනාගාටය.

කෙන්යාවේ ජනාධිපතිවරණයක් පැවැත්වූයේ රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙමින්, විරැකියාව ද ඉහළ ගොස් ඇති අවස්ථාවකය. රජයේ දූෂණ වංචා ද ඉහළ ගොසිනි. ඒ සියල්ලටම විසඳුම් ලබා දෙන බව අපේක්ෂකයන් දෙදෙනාම ජනාධිපතිවරණ රැලිවලදී ප්‍රතිඥා දී තිබුණි.

(රොයිටර්)