කෙර්සොන් නගරය යළි අපේ අතේ


රුසියන් හමුදා යුක්රේනයේ කෙර්සොන් නගරය අතහැර යෑමත් සමග එම නගරය යළි තමන්ගේ ග්‍රහණයට නතු වුණැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

මේ වනවිට නගරයේ සෑම තැනකට රුසියන් ධජ වෙනුවට ලෙලදෙන්නේ යුක්රේන ධජ යැයි ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

රුසියන් හමුදා කෙර්සෝන් නගරයන් ඉවත් වීම සිදුවූයේ පසුගිය දින කීපයේය. ඒ, නගරයේ සොල්දාදුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

(රොයිටර්)