කොරෝනාවලින් බේරෙන්න තේ බොනවා


'කොවිඩ් 19' කොරෝනා වංසගතයෙන් බේරීමට උතුරු කොරියානුවන් ඖෂධීය තේ පානයට යොමු වී සිටින බවත්, ලොකු කුඩා කවුරුත් ලුණු වතුරින් උගුර සෝදා පිරිසුදු කරන බවත් වාර්තා වේ.

උතුරු කොරියානුවන් දරුණු 'කොවිඩ් 19' ව්‍යාප්තියකට මුහුණ දෙන්නේ බටහිර සම්බාධක මධ්‍යයේ අවම සෞඛ්‍ය පහසුකම් යටතේය. බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහනව හේතුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය සහ රුසියාව 2020 වසරේත් 2021 වසරේත් උතුරු කොරියානුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට උත්සහ කළත්, උතුරු කොරියා රජය එම එන්නත් ප්‍රතික්ෂේප කළේය. ඒ, ඒ වනවිට උතුරු කොරියාව සිය දේශසීමා සියල්ල වසා දමා තව තවත් ලොවෙන් හුදෙකලා වී සිටි බැවිනි.

උතුරු කොරියාවේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීය. මේ වනවිට රටේ සෑම තැනකින්ම ආසාදිතයන් වාර්තා වේ.

(රොයිටර්)