පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ලටන් යළිත් වරක් සිය රාජකීය කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් පුවත් සේවා මේ බව වාර්තා කළේ බ්‍රිතාන්‍ය රජ පවුල නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි. පූර්ණ ළමා විය සංවර්ධනයට අදාල රජ පවුලේ වැඩසටහන් කීපයක් මෙහෙය වීම කේට් කුමරිය විසින් සිදු කරනු ලබන අතර, බටහිර ලන්ඩනයේ වින්ඩ්සෝර් මාලිගයේ දී එම වැඩසටහනට අදාල සාකච්ඡා කීපයක් පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)