කොස්ටා රිකා රාජ්‍යයෙන් නැව්ගතකරන ලද කන්ටේනරයක තිබී කොකේන් ටොන් 5කට වැඩි ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන තිබේ.
එය එම රාජ්‍යයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
කන්ටේනරයේ, නෙදර්ලන්තයට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මල් තොගයක සඟවා තිබියදී මෙම කොකේන් ප්‍රමාණය සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කොස්ටා රිකා ජාතිකයෙකු වන 46 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මධ්‍යම ඇමරිකානු රටක් වන කොස්ටා රිකා රාජ්‍යය, දකුණු ඇමරිකානු රටවල සිට ඇමරිකාවට සහ යුරෝපයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ගමන් මාර්ගයේ පිහිටා තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)