පසුගිය දෙසැම්බර් මාසයේ දී අනතුරට පත්වුණු කොරියන් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලට, යානයේ එක් ඇන්ජිමක් තිබී කුරුලු පිහාටු හමුවී ඇත.
ජේජු ගුවන් සේවයට අයත් මෙම මගී ගුවන් යානය, අනතුරට පත් වූයේ 179 දෙනකු බිලි ගනිමිනි. බරපතල තුවාල ලබා ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් දිවි ගලවා ගත්හ.
යානය ගුවනේ දී කුරුල්ලන් රංචුවට ගැටුණු බවත්, ඉන් අනතුරුව එහි රෝද නිසි ලෙස ක්රියාත්මක නොවුණු බවත්, ඒ නිසා යානය ගොඩබාද්දී ලිස්සා අනතුර සිදුවුණු බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබුණු නමුත්, බෝයිං 737-800 වර්ගයේ එම යානයේ, ඇන්ජිමේ සුන්බුන්වලින් කුරුලු පිහිටා හමුවීමත් සමඟ මේ වනවිට ඒ බව තහවුරු වී ඇතැයි විමර්ශන කණ්ඩායම් පවසයි.
(ඒ.එෆ්.පී.)