දකුණු කොරියානුවන්ගේ තරුණ වීමේ සිහිනය සැබෑ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කොරියානු රජය තම රටවැසියන්ගේ සම්ප්‍රදායික වයස ගණනය කිරීමේ ක්‍රමය අවසන් කිරීමට තීරණය කිරීමත් සමග අවුරුද්දකින් හෝ දෙකකින් තරුණ වීමේ අවස්ථාව දකුණු කොරියානුවන්ට හිමිව ඇත.
දකුණු කොරියාවේ ළදරුවෙකු ඉපදෙන විට වයස අවුරුද්දක් ලෙස සටහන් කරන අතර ඉන්පසු සෑම ජනවාරි මස පළමු වෙනිදාවකම තවත් අවුරුද්දක් එකතු වේ. මෙම ක්‍රමය එළඹෙන වසරේ ජූනි මස සිට අවසන් කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇති අතර ඉන් පසු ජාත්‍යන්තර වයස් සීමා තීරණය කිරීමේ ක්‍රම වේදය අනුගමනය කිරීමට තීරණය කර ඇත.
අනවශ්‍ය ආර්ථික සහ සමාජයීය වියදම් අවම කිරීමේ අරමුණින් සහ සම්ප්‍රදායික ක්‍රමය හේතුවෙන් පැන නගින අර්බුදකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව දකුණු කොරියානු රජය පවසා තිබේ.
දකුණු කොරියානුවන් මෙම තීරණය පිළිබඳ සතුට ප්‍රකාශ කර ඇති අතර අවුරුදු එකකින් හෝ දෙකකින් තරුණ වීමට අකමැති කවුරුන්දැයි ප්‍රශ්න කර ඇත.
(රොයිටර්)