කොරියාවට සම්බාධක දාන්න ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි


උතුරු කොරියාවට සම්බාධක පැනැවීමේ අරමුණින් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.

උතුරු කොරියාවට සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ උතුරු කොරියාව දිගින් දිගටම දිගු දුර මිසයිල අත්හදා බැලීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙනි.

මේ වසරේ පමණක් උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල රැසක් අත්හදා බලා ඇත. ඒ, අසල්වැසි දකුණු කොරියාවටත් ජපානයටත් තර්ජනයක් වන ආකාරයටය.

උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් සිදු කළ යුතු යැයි යෝජනා කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන නිත්‍ය සාමාජිකයකු වන ඇමෙරිකාවය. කෙසේ නමුත් ඇමෙරිකාව ගත් මෙම තීරණයට චීනය සිය නිෂේධ බලය භාවිත කරමින් විරුද්ධ වනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)