කොරෝනා නිසා පුටින්ගේ ඔළුව විකාර වෙලා


යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගැනීම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අභිමතය පරිදි සිදුවූවක් බවත්, රුසියන් සෙනෙට් මණ්ඩලය යුක්රේනයට රුසියන් හමුදා යැවීමට අනුමැතිය දුන්නේ පුටින්ට ඇති බිය නිසා බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඩේලිමේල් වෙබ් අඩවියට අනුව, පුටින්ගේ කායික ශක්තිය දුර්වල වී ඇත. ඔහුගේ මනස ද අවුල් වී තිබේ. පුටින් පිලිකා රෝගයකින් පෙළෙන බවත්, පාකින්සන් රෝගී තත්ත්වය හේතුවෙන් මනස දුර්වල වී හිතුමතේ තීරණ ගන්නා බවත් ඩේලිමේල් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

මේ අතර, ලොවට රහසක් ලෙස තබා ගත්ත ද පුටින් ට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූ බවත් මේ වනවිට ඔහු 'කොවිඩ් 19' සංකූලතා රැසකින් පීඩා විදින බවත් යුක්රේනය ආක්‍රමණය කිරීමට ඔහු තීරණය කර ඇත්තේ ඒ නිසා බවත් ඩේලිමේල් වෙබ් අඩවියේ සඳහන් වී තිබේ.

කෙසේ නමුත් ඩේලිමේල් වෙබ් අඩවිය ඒ බව තහවුරු කර නැත.

(ඩේලිමේල්)