'කොවිඩ් 19' හෙවත් නව කොරොනා වයිරස ව්‍යාප්තිය පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නා බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වෙනුවෙන්, එරට වසංගත රෝග පාලන පාලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.
කොරෝනා වයිරස ව්‍යාප්තිය සහ පාලනය, කොරෝනා චිකිත්සාව සම්බන්ධයෙන් සිදු කරන ගෝලීය සායනික අත්හදා බැලීම් සඳහා ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් සම්බන්ධ කර ගන්න බව විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ඉන්දීය උපායමාර්ගික සහ හවුල්කාරිත්ව සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ සැසියකදී, වෛද්‍ය ඇන්තනි ෆවුචි මේ බව ඉන්දීය වසංගත රෝග පාලන ඒකකයටත්, සෞඛ්‍ය අංශවලටත් දැනුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
'කොවිඩ් 19' වයිරස වසංගතයට එරෙහි සටනේ දී බයිඩන් පරිපාලනය ඉන්දියාවට හැකි සෑම අයුරින්ම උදවු ලබා දෙන බව පවසා ඇති අතර, ඉන්දියාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින්, ඉන්දියාවට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට පියවර ගන්නා බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)