කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමට සියල්ල කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (7) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහතික විය.
රටවල් 24 කට පැතිර ගොස් තිබෙන මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් 640 දෙනකු මියගොස් ඇති අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 31,000 ඉක්මවා ගොස් ඇත.
වයිරසය සම්බන්ධයෙන් මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍යවරයා ද ඉන් මියගිය බව අද (7) වාර්තා විය. වයිරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම නිසා එම වෛද්‍යවරයා පොලිසියේ තර්ජනයට ද ලක්විය.
චීනය ප්‍රතිඵල අත්පත් කරගනිමින් සිටින බවත් තමන්ට මෙම වයිරසය පරාජය කළ හැකි බවත් දුරකතන ඇමතුමක් දෙමින් චීන ජනාධිපතිවරයා, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එලෙස දන්වා ඇත.
චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය මේ පිළිබඳව වාර්තා කළ අතර ආර්ථික සංවර්ධනයට දිගුකාලීන ප්‍රතිවිපාක අත්නොවන බව ද ජනාධිපති ෂී ජින්පින්ග් ඇමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇත.
ඇමෙරිකාව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ව්‍යාප්ත කරන බවට චීනය පසුගිය සතියේ දී චෝදනා කළේය.
කොරෝනා වයිරසය මැඬීමේ ජාතික සටනට සහාය වීම සඳහා චීන මහ බැංකුව පසුගිය සතියේදී එරට ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදා හැරියේය.
චීනය යනු ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටය. චීනයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 2ක් හෝ ඊට වැඩි අගයකින් හෝ මන්දගාමී වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
අවසන් කාර්තුවේදී චීන ආර්ථික වර්ධන වේගය 6% ක් විය. කෙසේ නමුත් වයිරසය දිගින් දිගටම පැවැතියහොත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ද ඔවුහු කියති.
පසුගිය මැයි මාසයෙන් පසුව චීන කොටස්පොළවල වාර්තා වූ දුර්වලම සහ නරකම සතිය මේ සතියේදී වාර්තා විය. මේ තත්ත්වය ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ රැසකදී දැකගන්නට ලැබිණි. දින කිහිපයක් ප්‍රතිලාභ ලැබුවද මූල්‍ය වෙළෙඳපොළ බොහෝමයක් පහත වැටී ඇත.
රොයිටර්
055