‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූ අවස්ථාවේදී, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිවු වසරක සිරදඬුවමක් ලබමින් සිටි මාධ්‍යවේදිනී ෂං ෂාන් ට නිදහස හිමිවිය.
මුළු ලොවටම වසංගතයක් වූ ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 නොවැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එදා වූහාන් රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස්, මළසිරුරු ගොඩ ගැසෙද්දී, එම දසුන් රූගත කරමින්, වයිරස ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මුලින්ම කටයුතු කළේ ෂං ෂාන් ය.
ජනතාව භීතියට පත් කිරීම සහ සමාජීය නොසන්සුන්තාවක් ඇති කිරීම යන චෝදනා සම්බන්ධයෙන් බලධාරීන් ෂං ෂාන් 2020 වසරේ දී අත්අඩංගුවට ගත් අතර චෝදනාවලට වරදකාරිය වුණු ඇයට සිවු වසරක සිරදඬුවමක් නියම විය. ෂං ෂාන් හිටපු නීතීඥවරියක් ද වන්නීය. සිරගතව සිටි කාලයේ, තම නිදහස වෙනුවෙන් ෂං ෂාන් උපවාසයක ද නියැලුණාය. උපවාසය හේතුවෙන් ෂං ෂාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිය බව ඇගේ නීතීවරුන් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)