මාරාන්තික කොරෝනා වයිරසයෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය අද (4) හොංකොං වෙතින් වාර්තා විය.
හොංකොං යනු චීනයට අයත් එහෙත් විශේෂ අර්ධ පරිපාලන ප්‍රදේශයකි. චීනයෙන් පිටත පළමු මරණය වාර්තා වූයේ පිලිපීනයෙනි.
මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය ගණන මේ වනවිට 425ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 20,438ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ 700කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බව වාර්තා වෙන අතර ආසාදනය වූ පිරිසෙන් 2,800කට ආසන්න පිරිසකගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ.
මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇත.
(ඒ.එෆ්.පී.)
055