කොලොම්බියා ජනපතිගේ හෙලිකොප්ටරයට වෙඩි


කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩියුකේ ඇතුළු පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

කොලොම්බියාවේ කැටටුම්බෝ ප්‍රදේශයට ඉහළින් ප්‍රදේශයට ඉහළින් ගමන් කරමින් තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බව වාර්තා විය.

තමන් ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ විඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සිදුවීමෙන් ටික වේලාවකට පසු කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩියුකේ පැවැසීය.

කැටටුම්බෝ ප්‍රදේශය පිහිටා ඇත්තේ කොලොම්බියාවේ නොර්ත දේ සන්තර්දත් පළාතේ අගනගරය වන කුකූටා නගරයට ආසන්නයේ ය.

කොලොම්බියානු ජනාධිපතිවරයාට අමතරව ආරක්ෂක අමාත්‍ය දියාගෝ මොලානෝ, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනියෙල් පැලෝසියස්, නොර්ත දේ සන්තර්දත් පළාතේ ආණ්ඩුකාර සිල්වානො සරානෝ යන අය ද හෙලිකොප්ටර් යානයේ සිට ඇත.

අල්ජසීරා