කොලොම්බියානු හමුදාවට කැරැලිකරුවෝ පහර දෙති


කොලොම්බියානු ජාතික විමුක්තිකාමීන් ලෙස හඳුනා ගන්නා එරට කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කොලොම්බියානු හමුදා සෙබළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සෙබළුන්ට එල්ල වුණු එම ප්‍රහාරයෙන් පසු කොලොම්බියානු රජය සහ කැරැලිකරුවන් අතර ඇති කරගත් සාම ගිවිසුම දෙදරා ගොස් ඇතැයි ද පැවැසෙයි. ප්‍රහාරය මුල්කොට ගනිමින්, මේ වනවිට රජයේත් කැරැලිකරුවන්ගේත් නියෝජිතයන් අතරේ හදිසි හමුවක් පැවැත්වෙනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

කැරැලිකරුවන් සමඟ සටන් විරාමයක් ඇතිකර ගැණුනේත්, සාම වැඩපිළිවෙළක් ආරම්භ වූයේත් කොලොම්බියානු රජයේ මැදිහත් වීමෙනි.

කැරැලිකරුවන්ගේ ප්‍රහාරයෙන් කොලොම්බියානු රජයේ සොල්දාදුවන් මියගියේ කොලොම්බියා වෙනිසියුලා දේශසීමාවේ පිහිටි නෝත්‍ර දේ සැන්ටැන්ඩර් ප්‍රාන්තයේය.

මීට සති දෙකකට පෙර ද මෙක්සිකෝ සිටී නුවරදී කොලොම්බියානු රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)