කොලොම්බියාවට ඉහළින් අහසේත් රහස් බැලූනයක්


ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් ඔත්තු බැලූ චීනයට අයත් බැලූනය පහර දී විනාශ කිරීමෙන් පසු ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාව පැවැසුවේ තම ගුවන් සීමව හරහා ද බැලූනයක් පාවෙමින් ඇති බවය.

එය චීනයට අයත් බැලූනයක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, චීනය හෝ ඇමෙරිකාව හෝ එම බැලූනය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. කොලොම්බියානු රජය පවසා ඇත්තේ උඩු ගුවනේ පාවෙමින් ඇති එම බැලූනය පහර දී විනාශ කිරීමට පියවර ගන්නා බවය.

(රොයිටර්)