ඉන්දියාවේ පැතිර යන කොරෝනා ද්විත්ව විකෘතිය ආසාදනය වැළැක්වීමට එරට භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'කොවැක්සින්' එන්නතට හැකියාව ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
'කොවැක්සින්' යනු සියයට සියයක් ඉන්දීය තාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවා ඇති කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙම එන්නතට අඩපණ කළ හැකි යැයි පැවැසෙන්නේ බී 1.617 නමැති වයිරස විකෘති ප්‍රභේදයයි.
මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් ලබාගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' ප්‍රතිශක්තිකරණ එන්නතය.
මෙම 'කොවැක්සින්' එන්නත ලබා ගත් ඉන්දියානුවන් බොහෝ දෙනකුට කොරෝනා ආසාදනය වී නොමැති බව ද පැවැසෙයි.
කොරෝනා ආසාදිතයකු වූ නමුත්, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන 88 හැවිරිදි මන්මෝහන් සිං අසාධ්‍ය තත්ත්වයකට පත් නොවී සුවය ලැබීමට හේතුවක් වූයේ ද ඔහු මෙම 'කොවැක්සින්' එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටි නිසා යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.
(රොයිටර්)