පාකිස්තානයට බලපෑම් එල්ල කළ දරුණු ගංවතුර හේතුවෙන් එරට ආර්ථිකයට සිදුවූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 18 කට වැඩි යැයි ගණන් බලා තිබේ.
දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ වගා භූමි අක්කර මිලියන 8.25ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත. විනාශයට පත්වී ඇත්තේ පාකිස්තාන ආර්ථිකයට ඍජුවම බලපෑම් කළ හැකි වී ඇතුළු බෝග වගා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ආර්ථිකය කඩාවැටීම හමුවේ පාකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතය ද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ද පැවැසෙයි. ජලගැලීම් හේතුවෙන් පාකිස්තානයේ දිස්ත්‍රික්ක 118කට බලපෑම් එල්ල වී ඇත. ඒ හමුවේ ජනගහනයෙන් සියයට 37ක ප්‍රතිශතයක් දරිද්‍රතාවයකින් පීඩා විඳින බව ද වාර්තා වේ.
(රොයිටර්)