ගබ්සා අයිතිය ස්ථාපිත කරනවා


ඇමෙරිකන් කාන්තාවන්ට ගබ්සා කර ගැනීම සඳහා ලබා දී තිබුණු ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වෙනස් කිරීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

“ගබ්සා අයිතිය සදහා වූ ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එය යළි ප්‍රතිස්ථාපනය කිරීමට මා කඩිනමින් පියවර ගන්නවා. ඒ සඳහා නීතිමය කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා” යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

(රොයිටර්)