ග්වාතමාලා විරෝධතාකරුවෝ කොන්ග්‍රස් ගොඩනැගිලට ගිනි තබති


ග්වාතමාලාවේ විරෝධතාකරුවන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව පිහිටි කොන්ග්‍රස් ගොඩනැගිල්ලට ගිනිතබා ඇතැයි වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වූ ගිනිනිවීමේ හමුදාව ගින්න නිවා දමා ඇත. කාර්යාලයක් ගින්නෙන් විනාශ වී ඇති බවත් හානියේ ප්‍රමාණය තක්සේරුකර නොමැති බවත් ඔවුහු පවසති.

කිසිවකුට තුවාල සිදුවී නොමැති නමුත් දුම ආශ්වාස වීම හේතුවෙන් කිහිපදෙනකු රෝහල් ගතකළ බව පැවසේ.
මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ, පාර්ලිමේන්තුව විසින් අනුමත කළ අයවැයට විරෝධය පලකරමින් ජනතාව කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය පවසයි.

අයවැයෙන් රජයේ සම්බන්දතා ඇති සමාගම් වල ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය දී ඇති බවත් කොවිඩ් - 19 වසංගතය මර්ධනයට වෙන්කර ඇත්තේ අඩු මුදලක් බවත් විපක්ෂය පවසයි.

ඔවුන් පවසන්නේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් විශාල වශයෙන් කපාහැර ඇති බවයි.
ජනාධිපති අලෙමැන්ඩ්‍රෝ ජියාමත්තෙයි ඉල්ලා අස්විය යුතු යැයි ද විරෝධතාකරුවෝ පැවසූහ.

(බීබීසී ඇසුරිණි - 085)