පරිසර ක්‍රියාකාරිනියක ලෙස ප්‍රසිද්ධ ස්වීඩන ජාතික 21 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් හේග් නුවරදී නෙදර්ලන්ත පොලිස් අත්අඩංගුවට පත්වූවාය.
ඒ, ඇය පොසිල ඉන්ධන දහනයට එරෙහිව, තවත් විරෝධතාකරුවන් 100 කට වැඩි පිරිසක් ද සමඟ විරෝධතාවක නියැලී සිටියදීය.
පොලිස් නිලධාරීන් පැමිණ ග්‍රෙටා තන්බර්ග් ඔසවාගෙන රැගෙන යන අයුරු විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙයි. ග්‍රෙටා තන්බර්ග් මීට පෙර අවස්ථා ගණනාවකදී ද මේ අයුරින් විරෝධතාවල නියැලී සිටියධී පොලිස් අත්අඩංගුවට පත්වූවාය.
(බීබීසී)