හමාස් කණ්ඩායමේ පාලනය යටතේ පවතින ගාසා තීරය මුළුමනින්ම තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා තිබේ. මේ වනවිටත් ගාසා තීරයට යැවෙන ජලය සහ ආහාර නැවැත්වීමට කටයුතු කර ඇතැයි පැවැසෙයි.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් තුවක්කුකරුවන්ගෙන් බොහෝ දෙනකු ලෙබනන් ජාතිකයන් බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් යැයි අනුමාන කරන බවත් ඊශ්‍රායලය වැඩි දුරටත් පවසා තිබේ.
හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙන බැවින් ගාසා තීරයේ සිටින සිවිල් වැසියන්ට වහා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු දැනුම් දී තිබේ.
මේ අතර, දේශපාලනය බැහැර කරමින්, අග්‍රාමාත්‍ය නෙදන්යාහු ගන්නා ඕනෑම තීරණයකට සහාය දක්වන බව ඊශ්‍රායල විපක්ෂ දේශපාලන කණ්ඩායම් ප්‍රතිඥා දී තිබේ.
(අල් ජසීරා)