ගාසා තීරයට දිගටම ප්‍රහාර


ගාසා තීරයට ඊශ්‍රායල හමුදා අද එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 26 දෙනකු මරණයට පත්ව ඇත. මෙම ප්‍රහාරයෙන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් බෝම්බ හෙළීම ආරම්භ කර මේ වනවිට දින හතක ගත වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් නේවාසික ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද වාර්තා වේ. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් නායක යෙහියා අල් සින්වාර් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

අල්ජසීරා