ගාසා සටන් විරාම සාකච්ඡා හමාස් නැතිව ආරම්භ වෙයි


කටාරය, ඊජිප්තුව සහ ඇමෙරිකාව මැදිහත් වීමෙන් ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡා ආරම්භ විය. සාකච්ඡා ආරම්භ වූයේ දෝහා කටාර්හිදීය. සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නියෝජිතයන් සහභාගී නොවුනු අතර, සහභාගී වූයේ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් පමණි.

සටන් විරාම සාකච්ඡා පවත්වා, ගාසා තීරයට තිරසාර සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් උත්සාහ ගනී. ඇමෙරිකාව, සාම සැලැස්මක් ද හඳුන්වා දී ඇති අතර, ඒ ගැන හමාස් සංවිධානයේ ද කැමැත්ත පළ වී ඇත. 

කෙසේ නමුත්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය උන්න්දුවක් නොචක්වන බව පවසමින් හමාස් සංවිධානය සටන් විරාම සාකච්ඡාවලට නොපැමිණෙන බව දැනුම් දී ඇත. එහාම් සංවිධානය පවසන්නේ, ඊශ්‍රායලයට සාමය අවශ්‍ය නැති බවත්, සාමය ගැන ඊශ්‍රායලය උනන්දුවක් දක්වන්නේ නැති බවත්ය.

(ඒ.එෆ්.පී.)