ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.
එම යෝජනාවේ සඳහන් වන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්, හමාස් සංවිධානය වහා නිදහස් කළ යුතු බවය.
ඊට අමතරව, කිසිදු බාධාවකින් තොරව, ගාසා තීරයේ විපතට පත්ව සිටින පලස්තීනුවන්ට මානුෂීය ආධාර ලබා දීම කළ යුතු බව ද ඇමෙරිකාව යෝජනා කර තිබේ.
ඇමෙරිකාව මෙසේ තාවකාලික සටන් විරාමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ගාසා තීරයේ රෆා නුවරට දිගින් දිගටම ඊශ්‍රායල හමුදා පහර දෙද්දීය. ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකන් රජය, ඊශ්‍රායලයෙන් දිගින් දිගටම ඉල්ලා සිටී.
ඇමෙරිකාව, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය එක් වී, ගාසා තීරයේ සටන් නැවැත්වීම සම්බන්ධයෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙයි.
හමාස් සංවිධානය ඉදිරිපත් කළ කොන්දේසිවලට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා මුදා හරින්නැයි හමාස් සංවිධානය කළ ඉල්ලීමට ඊශ්‍රායලය විරෝධය පළ කර තිබේ.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. එම ප්‍රහාරයේ දී, හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් 230 දෙනකු පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිය අතර, ඔවුන්ගෙන් 130 ක් තවමත් ගාසා තීරයේ සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිති. ප්‍රාණ ඇපකරුවන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 28,858 කි.
(ඒ.එෆ්.පී.)