ලොව දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරයේ සිටින ජනාධිපති ලෙස සැලකෙන ගිනියාවේ (සමක ගිනියාව) ජනාධිපති තියේදෝර් ඔබියැංග් නිග්වේමා යළිත් ජනවරමක් අපේක්ෂා කරයි. ඒ, ඊයේ (20) පැවැති මහ මැතිවරණයට ඉදිපත් වීමෙනි.
80 හැවිරිදි නිග්වේමා, ගිනියාවේ (සමක ගිනියාව) ජනාධිපති ධුරය හොබවන්නේ 43 වසරක් තිස්සේය. ගිනියාවේ (සමක ගිනියාව) යනු බටහිර අප්‍රිකාවට අයත් තෙල්වලින් පොහොසත් කුඩා රාජ්‍යයකි.
මහ මැතිවරණය ඊයේ (20) පැවැත්වූයේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට පමණක් නොව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත්, සෙනෙට් මණ්ඩලයටත් නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.
සමක ගිනියාවේ මිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන අතර, ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන ලක්ෂ 4 කි. සමක ගිනියාවේ පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 100 කින් සමන්විත අතර, සෙනට් මණ්ඩලය ආසන 55 කින් සමන්විතය.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ජනාධිපති තියේදෝර් ඔබියැංග් නිග්වේමා යළිත් වරක් පහසු ජයක් හිමිවනු ඇති බවය. මේ වනවිට ජනාධිපති නිග්වේමා ධුර කාල 5 ක් සම්පූර්ණ කර ඇති අතර, සෑම මැතිවරණයකදීම සියයට 90 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.
(රොයිටර්)