'කොවිඩ් 19' ආසාදනය වූ ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය බරපතල බවත් ඇය මේ වනවිට වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ලොව වසඟ කරමින් කාගේත් ගෞරවාදරයට පාත්‍ර වුණු 92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මාසයක කාලයක පටන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ මුම්බායි නුවර 'බ්‍රීච් කැන්ඩි' නමැති පෞද්ගලික රෝහලේය.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය 'කොවිඩ් නියුමෝනියා' තත්ත්වයෙන් පෙළෙන බවත්, ඇයට හුස්ම ගැනීම සඳහා දැඩි සත්කාර ඒකකයේ වෙන්ටිලේටර් ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කළ බවත්ය.
(එන්.ඩී.ටීවී.)