අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 200 කි.
පාපන්දු තරගය පැවැත්වූයේ හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලා ගත් මමාඩී ඩොවුම්බෝව්යාට ගෞරව කිරීමක් ලෙසය.
පාපන්දු තරගය උණුසුම් වී, විනිසුරුවරයා ලබා දුන් ආන්දෝලනාත්මක තීන්දුවක් සමඟ දෙපිළට සහාය දැක්වීමට ආ නරඹන්නන් අතරේ ගැටුම හටගත්තේය. ගැටුමින් තුවාල ලැබූවන්ගෙන් කොනාක්රි නගරයේ රෝහල් පිරී පැවැතිණි.
(ඒ.එෆ්.පී.)