ගුරුවරු 7 ක් මරා දමලා


වයඹදිග පාකිස්තානයේ පරාචිනාර් පළාතේ ගම්මානවල සිදුවුණු වෙඩි තැබීම්වලින් ගුරුවරුන් 7 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

සුන්නි මුස්ලිම් අන්තවාදීන් මෙම වෙඩි තැබීම කරන්න ඇතැයි අනුමාන කෙරේ. පාසල් ගුරුවරුන් ෂියා මුස්ලිම් යැයි ද පැවැසෙයි.

වයඹදිග පාකිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ආගමික ගැටුම් බහුලව සිදුවෙයි.

(එන්.ඩී.ටීවී.)