උතුරුදිග නවසීලන්තයට කඩා වැදුණු ‘ගෙබි්‍රයෙල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි එරට හදිසි ආපදා කළමනාකරණ අමාත්‍ය කිරන් මැකෝන්ටි මාධ්‍ය හමුවේ පවසා තිබේ.
මරණ සිදුවී ඇත්තේ නිවාස නායයෑම්වලට හසුවුණු අවස්ථාවේදී යැයි ද පැවැසෙයි. සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 140 ක වේගයකින් තද සුළං ද සමඟය.
සුළි කුණාටුව සම්බන්ධයෙන් කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. ඒ අනුව අනතුරුදායක පළාත්වල වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
(රොයිටර්)