ගෝලීය සාගතය ඔඩුදිවීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි
මීට හේතුව වී ඇත්තේ ලෙව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අඩු කිරීම යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවට අනුව, ලබන 2025 දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණි.
ඒ අනුව, 2025 දී ලෝකයේ මිලියන 117ක පමණ පිරිසකට මානුෂිය ආධාර නොලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
මෙම 2024 වසරේදීත් ආධාර අවශ්‍ය පිරිස් වෙන මානුෂිය ආධාර ලබා දීම සඳහා ඩොලර් බිලියන 49.6ක් අවශ්‍ය බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තු ගත කර ඇති නමුත් ඔවුන්ට සපයා ගත හැකි වූයේ ඉන් සියයට 46 ක් පමණක් බව ද පැවැසෙයි.