ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ


'කොවිඩ් 19' වයිරස වසංගතය තවමත් ලෝකයට තර්ජනයක් වන නමුත්, එය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් පනවා තිබූ ගෝලීය හදිසි තත්ත්වය ඉවත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.

(රොයිටර්)