ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය චෞද්රි ෆවාද් හුසේන් පවසා ඇත.
මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනා ම පාහේ හෙළා දැක ඇතැයි ද හෙතෙම කීය.
පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා මුණ ගැසෙමින් අමාත්‍ය ෆවාද් හුසේන් එම කරුණු සඳහන් කළේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් සේ කනගාටුවට පත්වන බව ද ඔහු කීවේ ය.
පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ද මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.
මෙම ඛේදජනක සිදුවීමට අදාළ ව පාකිස්තාන රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෑහීමකට පත්වන බව මහ කොමාසරිස්වරයා මෙහිදි පැවැසීය.
එමෙන්ම මෙම සිදුවීම දෙරටේ සම්බන්ධතාවලට බලපෑම් එල්ල නොකරනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා කීවේ ය.
(ඒ.පී.පී.)