බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ඔවුන්ගේ මෙම රාජකීය සංචාරය ආරම්භ කරනු ඇත්තේ ලබන 2025 වසරේ ජනවාරියේ යැයි ද බකිංහැම් මාලිගය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. චාල්ස් රජු පිළිකා රෝගියෙකි. රජු පිළිකා රෝගියකු බව තහවුරු වූයේ මෙම වසර මුලදීය. ඉන්පසු රජු මාස කීපයක් රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු විය.
චාල්ස් රජු මෙම ආසියානු සංචාරයේ දී ඉන්දියාවට, පාකිස්තානයට සහ බංග්ලාදේශයට යෑමට නියමිත බව පැවැසෙයි.