චාල්ස් රජුගේ මෞලිමංගල්‍යය 2023 ජූනි මාසයේ


දෙවැනි එලිසබත් මවු රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමිවුණු තෙවැනි චාල්ස් රජුගේ සම්ප්‍රදායික රාජාභිෂේක මංගල්‍යය හෙවත් මෞලි මංගල්‍යය ලබන 2023 වසරේ ජූනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.

ඒ අනුව, දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් දින දෙකකට පසු තෙවැනි චාල්ස් රජු කිරුළු පැලඳි නමුත්, තෙවැනි චාල්ස් රජු ලෙස ඔහුගේ පාලන කාලය ආරම්භ වනු ඇත්තේ 2023 වසරේ ජූනි මස 3 වැනිදා ය.

තෙවැනි චාල්ස් රජුගේ මෞලි මංගල්‍යය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, එය දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යය තරම් ගාම්භීර එකක් නොවනු ඇතැයි ද බි්‍රතාන්‍ය මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.

තෙවැනි චාල්ස් රජු කිරුළු පලඳින්නේ අවුරුදු 74 දීය. ඒ අනුව, බි්‍රතාන්‍ය ඉතිහාසයේ රජ කිරුළ පළඳන වයස්ගතම රාජකීයයා ලෙස චාල්ස් රජු ඉතිහාසයට එක් වෙයි.

2023 වසරේ පැවැත්වෙන රාජාභිෂේක උත්සවයේදී චාල්ස් රජු ට පලඳවනු ලබනු ඇත්තේ ශාන්ත එඩ්වඩ් ඔටුන්න යැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(බීබීසී)