චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී මේගාන්ටත් ඇරැයුම්


තෙවැනි චාල්ස් රජු ලබන වසරේ පැවැත්වෙන තම රාජාභිෂේකයට හැරී කුමරු සහ මේගාන් මාකෙල් හට ආරාධනා කිරීමට තීරණය කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

හැරී කුමරු සහ මේගාන් මාකෙල් ඔවුන්ගේ නෙට් ෆ්ලික්ස්  නාළිකානේ වාර්තාමය වැඩසටහනෙන් රජ පවුලට සිදු කළ හානිය හේතුවෙන්  ඔවුන් රාජකීය පදවි වලින් ඉවත් කරන ලෙසත් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට ආරාධනා නොකරන ලෙසත් බ්‍රිතාන්‍ය ජාතිකයන්, රාජකීය පවුලේ සමීපතමයන් පැවසුවත් ඒ සියල්ල අමතක කරමින් තම රාජාභිෂේකයට හැරී කුමරු සහ මේගාන් මාකෙල් හට ආරාධනා කිරීමට චාල්ස් රජු තීරණය කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

හැරී කුමරු සහ මේගාන් මාකෙල් රජ පවුලට විවිධ චෝදනා එල්ල කළත් තම බාල පුත්‍රයා පිළිබඳ දරන මතය තෙවැනි චාල්ස් රජු වෙනස් කර නොමැති බව පැවැසෙයි.

කෙසේ නමුත් රාජාභිෂේකය සඳහා තවමත් නිල වශයෙන් ආරාධනා නිකුත් කිරීම ආරම්භ වී නොමැත.

(රොයිටර්)