මදුරු දෂ්ටනයෙන් බෝ වන චිකුන්ගුන්යා වයිරසය අඩපණ කිරීමේ අරමුණින් නිපදවූ නව ප්‍රතිශක්තිකරණ එන්නතට ඇමෙරිකා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය.
චිකුන්ගුන්යා වයිරසය අඩපණ කිරීමට නිපදවූ එන්නතනට අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.
සායනික අත්හදා බැලීම්වලින් පසුව එන්නතට අනුමැතිය හිමිවිය. සායනික අත්හදා බැලීම් සිදු කෙරුණේ 35,000 ක පිරිසක් තෝරා ගනිමින්, ඔවුන්ට එන්නත ලබා දෙමිනි.
චිකුන්ගුන්යා වයිරසය වැඩිපුර දකින්න ලැබෙන්නේ අප්‍රිකාවේ සහ ආසියාවේ නිවර්තන කලාපීය රටවලය.
ඊඞ්ස් වර්ගයේ ආසාදිත මදුරුවකු දෂ්ට කිරීම මගින් මනුෂ්‍යයන්ට රෝගය ආසාදනය වෙයි. තද උණ, සිරුරේ වේදනාව ආදිය ප්‍රධාන රෝග ලක්ෂණ වෙයි.